Pages

Tuesday, May 6, 2014

සිනහව අතරින් කදුලක් උපන්නා .........................


අපිට කදුළු අතරින් සිනාසෙන්න පුලුවන්නම්  මේ ලෝකය මොන තරම් වාසනාවන්ත තැනක් වෙයිද  කියල හිතෙනවා. ජිවිතේ අපි හැමෝටම නොයෙකුත් විදියේ ප්‍රශ්ණ, කරදර දුක් කම්කටළු බොහොමයි.   මොකක් හරි ප්‍රශ්නයකින් පීඩා  විදින්නේ නැති මිනිසෙක් තියා සත්වයෙක්වත් සොයාගන්න පුළුවන් කමක් නැහැ අපිට. එත් අපි මොහොතකටවත් හිතල බලනවද හැමදාම අපි දුක් විදින්නේ හෝ පසුතැවිලි වෙන්නේ ඇයි එහෙමත් නැත්නම් ඒවාට හේතු මොනවද කියල. මටනම් හිතෙන්නේ අපේ සමාජයේ ඉන්න අයගෙන් 25% ක් වත් මෙන්න මේ හේතුව එහෙමත් නැත්නම් ප්‍රශ්නයක මුල හොයන්න වෙහෙසෙන්නේ නෑ. අපි හැමදාම කරන්නෙ අපේ ප්‍රශ්න ඒ පැත්ත මේ පැත්ත පෙරලමින් පසුතැවෙන එක විතරයි. එහෙම කරල කවදාවත්ම කිසිම ප්‍රශ්ණයක් විසදගන්න ලෑබෙන්නෙ නම් නෑ. මෙහෙම කරන එකට තමයි කියන්නෙ හෝද හෝද මඩේ දානවා කියලා.


 ඒකෙන් වෙන්නෙ නිකරුනේ කලෙත් ගතවෙලා අපේ ප්‍රශ්නෙත් එකතෑන පල් වෙන එක විතරයි. නමුත් සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන් අපිට එක පාරටම විසදුමක් හොයා ගන්න බැරි එහෙමත් නැත්නම් කාලයක් ඉවසන්න වෙන විදියේ  දේවල්. එහෙම දෙයක් නම් ඉතින් අපිට කාලයට ඉඩදීලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඕනම ප්‍රශ්නෙකට හිනාවකින් විසදුම් හොයන්න පුලුවන්නම් එක තමයි ලබන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය.  මට හිතෙන විදියට අද  අපි ප්‍රශ්න කියල හිතන ගොඩක් දේවල් ඉස්සර හිටපු මිනිස්සු , එහෙමත් නැත්නම්  අපේ අම්මල තාත්තලාගේ පරම්පරාව කවදාවත් ප්‍රශ්න  හැටියට ගත්තේ නැහැ. එක නිසා තමයි  ඒ මිනිස්සු අපිට වඩා ගොඩක් සතුටින් ඒ අයගේ ජිවිතේ ගොඩනගා ගත්තෙ. 
සරලවම කියනවනම් අපි අතරින් කීයෙන්  කී  දෙනාද තමන්ගේ ජිවිතේ සතුටින් නිදහසේ ගත කරන්නෙ. මම හිතෙන , හැගෙන විදියට මිනිහෙකුට මේ ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නෙ එහෙමත් නැත්නම් හිරිහැරය වෙන්නේ තමන්ට ඕනේ විදියට ජිවත් වෙන්න නොලැබීම. මිනිහෙකුට මොනදේ තිබුනත් මානසික නිදහසක් නැත්නම් ඒ ජීවිතෙන් කිසිම පලක් නැහැ වගේම කිසිම රසයකුත් නැහැ. කෙනෙකුගේ ඒ නිදහස නැතිවෙන්නේ කොහොමද කියල අපි හැමෝම තේරුම් ගන්නවානම් අපි ඉන්න මේ සමාජය මිට වැඩ ගොඩක් ලස්සන තැනක් වෙයි අපි ඔක්කොටම. යමක් කරන්න, කියන්න කලින් අපිට පුලුවන්නම් හිතන්න අපි මේ කරන්න යනදේ එහෙමත් නැත්නම් කියන්න යනදේ වෙන කෙනෙක්ගෙන් අපිට අත්විදින්න ලැබුනොත් අපිට ඇතිවෙන හැගීම මොනවගේ වෙයි ද කියල, අන්න එදාට අපි හැමෝටම ගොඩක් ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන්. ඒවගේම වෙන කෙනෙක් කියන ඕනම දෙයක් හිනාවකින් බාරගන්න පුලුවන්නම්  අපිට අපේ හිත රිදවගන්නෙ  නැතුව ජිවත් වෙන්න පුළුවන් කියල මම අත්දැකීමෙන්ම දන්නවා. එක නිසා තමයි හිතට දුකක් , තනිකමක් දැනුන  වේලාවකදී උනත් හිනාවෙලා ඉන්න අපි උත්සාහ කරන්න ඕනෙ. 

සිනහව අතරින් කදුලක් උපන්නා .................. ඒ බැව් නොසිතම  සිනහවක්ම පෑවා ..................



No comments:

Post a Comment