Pages

Saturday, May 9, 2015

ඔබේ සුවද රැදි සුළං කැරැල්ලක 
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළුවී 
ඇවිදින්නට ආසයි 
ඔබ අන්සතුයයි කිසිම විටෙක මා 
නොසිතන්නට ආසයි
කවදාහරි අපි එක් වන්නේදැයි
දැනගන්නට ආසයි
ඇරබුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක තැනකය ඔබ තව තැනකය
අද නැවතී ඉන්නේ
ගතවෙන මොහොතක් පාසා හදතුල
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා සැම දින පැතුවේ ..........

Tuesday, November 25, 2014

..................


හිත මගේ උනත්
සිතිවිලි මගෙ නොවෙයි
වගේ හැම අතටම දුවනවා ...
නවත්ත ගන්න බැහැ
එක තැනක සන්සුන්ව,
පිළිගන්න කැමති නෑ
කොහොම කිව්වත්
ඔයා මගේ වෙන්නෙ
නැති බව කවදාවත්ම ........

Monday, November 10, 2014

ඔයා වෙනස් වෙලා .....................



ඔව් ඇත්තමයි
ඔයා වෙනස් වෙලා
හිතාගන්නවත් අදහගන්නවත්
බැරි තරමට .....
හැම දෙයක්ම වෙනස් වෙන
අපේ ජීවිතවල
නොවෙනස් හිතවත්කමක්
බලාපොරොත්තු නොවී
ඉන්නයි තිබුනේ මට ........
එත් කවදාවත්ම
විශ්වාස කරන එකක් නෑ
ඔයා නිසා වෙනස් වුනු බව
මගේ ජිවිතයම
නොහිතපු විදියට .................


Monday, October 27, 2014

...............................

නිහඩව ඉන්න හැමදෙනාම 
කියන්න දෙයක් නැති කමට
 කතා නොකර ඉන්නවා කියල 
හිතන්නනම් එපා ...........
මොකද මම ඔයත් එක්ක 
කතා නොකර ඉන්නෙ 
මට කියන්න දෙයක් නැති හින්දවත් 
එහෙමත් නැත්නම් මම වැරද්දක් 
කළා  කියල හිතෙන හින්දවත් 
නෙමෙයි ............
ඔයා බලාපොරොත්තු වෙන්නෙ 
මම නිහඩවම ඔයාගෙන් 
ඈත්වෙලා යන එක බව  
මම හොදින්ම 
තේරුම් ගත්ත නිසයි............

අයිතිය ......................

ඇත්ත.......
අයිතියක් නෑ තමයි මට
හොයන්න බලන්න
ඔයා ගැන ......
ඔයාම කියන විදියට
මම ඔයාගේ partner වත්
Boy friend වත් නොවන නිසා.....
ඒත් මම හිතුවේ නෑ
කවදාවත්ම ඔයා
අමතක කරයි කියල
මේ ලෝකෙ මට ඉන්න
යාලුවෝ කියන්න පුළුවන්
අය අතරින් හොදම
යාළුවා විදියට
මම හිතාගෙන ඉන්නේ
ඔයාව කියල................

Sunday, October 26, 2014

............................

හිතන්න එපා
මම ඔයත් එක්ක
කතා නොකර ඉන්නෙ
කිසිම වේදනාවක්
නැතුව කියලා........
දන්නවනම් මගෙ
හිතේ ඇතිවෙන
දුක මොනතරම්ද කියල
 ඔයා කවදාවත් මට
මේ විදියට
සලකන්නෙ නෑ ....
ඒක මට විශ්වාසයි
මොකද මම දන්නවා
කොහොම කිව්වත්
මොනවා උනත්
ඔයා මට ආදරෙයි කියල .......

Wednesday, October 22, 2014

.............................

නිමක් නැති හැගීමක්..
අසීමිත සෙනෙහසක්...
අසීමිත ප්‍රේමයක්..
අසීමිත ආනන්දයක්..
සීමා සහිත බැඳීමක්...
මෙය,
නමක් නැති බැඳීමක්......