Pages

Tuesday, November 8, 2011

සල්ලි වලට මොනවද කරන්න බැරි?

ඈත්තටම සල්ලි වලට කරන්න බැරි, එහෙමත් නෑත්නම් සල්ලි දීල හෝ මුදලට කරගන්න බැරි වැඩ මේ ලෝකෙ තියනවද? මේ ප්‍රස්නෙට 99% කගෙම උත්තරෙ වෙන්නෙ "හැමදෙයක්ම සල්ලි වලට කරන්න බෑ" කියන එකයි. සියයට අනූ නවයක්ම එහෙම උත්තර දුන්නත් අපිට ප්‍රායෝගික ලෝකෙදි ඕනතරම් මිනිස්සු හම්බවෙනව සල්ලි තමයි මේ ලෝකෙ තියන බලවත්ම දේ සහ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියල විශ්වාස කරන.මෙහෙම ලියන්න හිතුනෙ අද මට අත්දකින්න ලැබුන සිද්දියක් නිසා. සිද්දියක් කිව්වට මේක සිද්දි මාලවක්. මුල මැද අග ගලප ගන්න තේරුනේ නැති උනාට වෙච්ච විදියටම ඔක්කොම කියන්නම්.