Pages

Tuesday, May 6, 2014

සිනහව අතරින් කදුලක් උපන්නා .........................


අපිට කදුළු අතරින් සිනාසෙන්න පුලුවන්නම්  මේ ලෝකය මොන තරම් වාසනාවන්ත තැනක් වෙයිද  කියල හිතෙනවා. ජිවිතේ අපි හැමෝටම නොයෙකුත් විදියේ ප්‍රශ්ණ, කරදර දුක් කම්කටළු බොහොමයි.   මොකක් හරි ප්‍රශ්නයකින් පීඩා  විදින්නේ නැති මිනිසෙක් තියා සත්වයෙක්වත් සොයාගන්න පුළුවන් කමක් නැහැ අපිට. එත් අපි මොහොතකටවත් හිතල බලනවද හැමදාම අපි දුක් විදින්නේ හෝ පසුතැවිලි වෙන්නේ ඇයි එහෙමත් නැත්නම් ඒවාට හේතු මොනවද කියල. මටනම් හිතෙන්නේ අපේ සමාජයේ ඉන්න අයගෙන් 25% ක් වත් මෙන්න මේ හේතුව එහෙමත් නැත්නම් ප්‍රශ්නයක මුල හොයන්න වෙහෙසෙන්නේ නෑ. අපි හැමදාම කරන්නෙ අපේ ප්‍රශ්න ඒ පැත්ත මේ පැත්ත පෙරලමින් පසුතැවෙන එක විතරයි. එහෙම කරල කවදාවත්ම කිසිම ප්‍රශ්ණයක් විසදගන්න ලෑබෙන්නෙ නම් නෑ. මෙහෙම කරන එකට තමයි කියන්නෙ හෝද හෝද මඩේ දානවා කියලා.