Pages

Monday, October 27, 2014

...............................

නිහඩව ඉන්න හැමදෙනාම 
කියන්න දෙයක් නැති කමට
 කතා නොකර ඉන්නවා කියල 
හිතන්නනම් එපා ...........
මොකද මම ඔයත් එක්ක 
කතා නොකර ඉන්නෙ 
මට කියන්න දෙයක් නැති හින්දවත් 
එහෙමත් නැත්නම් මම වැරද්දක් 
කළා  කියල හිතෙන හින්දවත් 
නෙමෙයි ............
ඔයා බලාපොරොත්තු වෙන්නෙ 
මම නිහඩවම ඔයාගෙන් 
ඈත්වෙලා යන එක බව  
මම හොදින්ම 
තේරුම් ගත්ත නිසයි............

අයිතිය ......................

ඇත්ත.......
අයිතියක් නෑ තමයි මට
හොයන්න බලන්න
ඔයා ගැන ......
ඔයාම කියන විදියට
මම ඔයාගේ partner වත්
Boy friend වත් නොවන නිසා.....
ඒත් මම හිතුවේ නෑ
කවදාවත්ම ඔයා
අමතක කරයි කියල
මේ ලෝකෙ මට ඉන්න
යාලුවෝ කියන්න පුළුවන්
අය අතරින් හොදම
යාළුවා විදියට
මම හිතාගෙන ඉන්නේ
ඔයාව කියල................

Sunday, October 26, 2014

............................

හිතන්න එපා
මම ඔයත් එක්ක
කතා නොකර ඉන්නෙ
කිසිම වේදනාවක්
නැතුව කියලා........
දන්නවනම් මගෙ
හිතේ ඇතිවෙන
දුක මොනතරම්ද කියල
 ඔයා කවදාවත් මට
මේ විදියට
සලකන්නෙ නෑ ....
ඒක මට විශ්වාසයි
මොකද මම දන්නවා
කොහොම කිව්වත්
මොනවා උනත්
ඔයා මට ආදරෙයි කියල .......

Wednesday, October 22, 2014

.............................

නිමක් නැති හැගීමක්..
අසීමිත සෙනෙහසක්...
අසීමිත ප්‍රේමයක්..
අසීමිත ආනන්දයක්..
සීමා සහිත බැඳීමක්...
මෙය,
නමක් නැති බැඳීමක්......

.........................

ආදරණිය ලෙස
මගේ හදවත
පසාරු කරන්
ජිවිතයට කිදා බැස්ස
උබ ....
සිදුරු කරපු
මගෙ හදවතේ
මලකඩ කාපු
උබේ මතකය
තාමත් සුද්ද
කරනවා මං ............

Friday, October 17, 2014

.......................................

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට හඬන්න අවසර නැහැ
වෙලෙන් එහා හිඳ නුඹේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමි වුණත් නුඹ ළ‍ඳේ
මට හඬන්න අවසර නැහැ...................

Wednesday, October 15, 2014

....................

ඔයාට පුලුවන්නම්
එකම එක පාරක්
මට කියන්න මගේ අතින්
ඔයාට වෙච්ච වැරැද්ද
මේ විදියට මට සලකන්න .........
මම කවදාවත් හිතන්නේ නෑ
තමුන්ගේ හිතේ ඇතිවෙන
හැගීමක් හංගන්නේ නැතුව
කෙලින්ම කියන එක
මුණවත්  නොබල ඉන්න තරමෙ
මහා ලොකු පාපකර්මයක් කියල .......