Pages

Saturday, May 9, 2015

ඔබේ සුවද රැදි සුළං කැරැල්ලක 
දැවටෙන්නට ආසයි
ඔබ අතිනත ගෙන ඔබට තුරුළුවී 
ඇවිදින්නට ආසයි 
ඔබ අන්සතුයයි කිසිම විටෙක මා 
නොසිතන්නට ආසයි
කවදාහරි අපි එක් වන්නේදැයි
දැනගන්නට ආසයි
ඇරබුම කෙලෙසද අවසන කොතැනද
නැත කිසිවකු දන්නේ
මා එක තැනකය ඔබ තව තැනකය
අද නැවතී ඉන්නේ
ගතවෙන මොහොතක් පාසා හදතුල
ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි හිතවත ඔබගෙන්
මා සැම දින පැතුවේ ..........