Pages

Tuesday, December 6, 2011

Yes, But ......

එදිනෙදා අපිට මුණගැහෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනාද තවත් කෙනෙක් කියන දේට ඇහුන්කම් දෙන්න ලෑස්ති කියල පොඩ්ඩක් හිතල බලන්න. සමහරවිට අවන්කවම හිතුවොත් ඔබත් තව කෙනෙකුට අහුන්කම් දීමේ පුරුද්ද ගොඩක්ම අඩුවෙන් තියන කෙනෙක් වෙන්න ඇති. නමුත් තව කෙනෙක්ට අහුන්කම් දෙන්න පුලුවන්නම් අපේ ජීවිත දැනට වඩා ගොඩක් ලස්සන කරගන්න පුලුවන්. ඒ වගේම අපිට එදිනෙදා ජීවිතයෙදි මූණපාන්න වෙන ප්‍රශ්න වලින් වැඩි ප්‍රමාණයක් ඇතිවීම වළක්වා ගන්නත් අනුන්ට ඇහුන්කම් දීමේ පුරුද්ද ඇතිකරගත්තොත් පුලුවන් කියල ඔයාල විශ්වාස කරනවද?

Monday, December 5, 2011

ගරු කතානායකතුමියනි,

මුලින්ම කියන්න ඕනෙ මේක මගේ නිර්මාණයක් නොවන බව. මගෙ යාලුවෙකුගෙ ෆේස් බුක් එකේ පොස්ට් එකක් විදියට දාල තියෙද්දියි කොපි කර ගත්තෙ. මුල් අයිතිකාරයා හරියටම නොදන්නා නිසා උපුටා ගැනීම කාගෙන්ද, කොතැනින්ද යන්න සදහන් නොකිරීම පිළිබදව කණගාටුව ප්‍රකාශ කරමි. සද එළියෙන් ලියන්න බලාපොරොත්තු නොවුනු විදියේ එකක් වුනත් රසවත් නිසාම හැමෝම එක්ක බෙදා ගන්න හිතුවා. කියවලම බලන්න.

 
ගරු කතානායකතුමියනි,
නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.
ආදායම් සාමාන් ක්රමයට පටහැණිව යමින් 2011 වසරේ අප පවුලේ අය වැය පරතරය පළමුව ඉදිරිපත් කරමි.පවුලේ ආදායම් - සාමාන් වාතාවරණය තුල 2011 වසරේ අප පවුලේ මාසික ආදායම රු. 19500/- කට නොවැඩි විය හැකිය. එයින් නිවාස ණය වාරිකය රු. 6000/- ක්ද, මෙම වර්ෂයේ ලබාගත් පාරිභෝජන ණය වාරිකය රු. 2200/- ක්ද අඩුකල විට රු. 11300/- මුදලක් අතට ලැබෙනු ඇතැයි උපකල්පනයකෙරේ.

Sunday, December 4, 2011

අපිට මොනවද අඩුපාඩු ...........

කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබගෙන් "ඔබට මොනවද ජීවිතේ තව ලබාගන්න හෝ ඉටුකරන්න තිබෙන දේවල්?" කියලා ඔබ කුමක් කියයිද.................. පොඩ්ඩක් හිතල බලන්න. මට හිතෙන්නෙනම් ඉවරයක් නැති ලැයිස්තුවක් ඔබේ හිතට එන්න ඇති. තාමත් ඉගෙන ගන්න කෙනෙක්නම් ඉක්මනින්ම ඉගෙනගෙන ඉවර වෙලා හොද රස්සවක් හොයා ගන්න, ඊට පස්සෙ ලස්සන වෙඩින් එකක් ගන්න, ගෙවල් හදන්න, ළමයි හදන්න, අම්මලට තාත්තලට සලකන්න ඔය වගේ ලිස්ට් එකක්ම කියාගෙන යන්න  පුලුවන් නේද?

Tuesday, November 8, 2011

සල්ලි වලට මොනවද කරන්න බැරි?

ඈත්තටම සල්ලි වලට කරන්න බැරි, එහෙමත් නෑත්නම් සල්ලි දීල හෝ මුදලට කරගන්න බැරි වැඩ මේ ලෝකෙ තියනවද? මේ ප්‍රස්නෙට 99% කගෙම උත්තරෙ වෙන්නෙ "හැමදෙයක්ම සල්ලි වලට කරන්න බෑ" කියන එකයි. සියයට අනූ නවයක්ම එහෙම උත්තර දුන්නත් අපිට ප්‍රායෝගික ලෝකෙදි ඕනතරම් මිනිස්සු හම්බවෙනව සල්ලි තමයි මේ ලෝකෙ තියන බලවත්ම දේ සහ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියල විශ්වාස කරන.මෙහෙම ලියන්න හිතුනෙ අද මට අත්දකින්න ලැබුන සිද්දියක් නිසා. සිද්දියක් කිව්වට මේක සිද්දි මාලවක්. මුල මැද අග ගලප ගන්න තේරුනේ නැති උනාට වෙච්ච විදියටම ඔක්කොම කියන්නම්.