Pages

Tuesday, November 8, 2011

සල්ලි වලට මොනවද කරන්න බැරි?

ඈත්තටම සල්ලි වලට කරන්න බැරි, එහෙමත් නෑත්නම් සල්ලි දීල හෝ මුදලට කරගන්න බැරි වැඩ මේ ලෝකෙ තියනවද? මේ ප්‍රස්නෙට 99% කගෙම උත්තරෙ වෙන්නෙ "හැමදෙයක්ම සල්ලි වලට කරන්න බෑ" කියන එකයි. සියයට අනූ නවයක්ම එහෙම උත්තර දුන්නත් අපිට ප්‍රායෝගික ලෝකෙදි ඕනතරම් මිනිස්සු හම්බවෙනව සල්ලි තමයි මේ ලෝකෙ තියන බලවත්ම දේ සහ සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ කියල විශ්වාස කරන.මෙහෙම ලියන්න හිතුනෙ අද මට අත්දකින්න ලැබුන සිද්දියක් නිසා. සිද්දියක් කිව්වට මේක සිද්දි මාලවක්. මුල මැද අග ගලප ගන්න තේරුනේ නැති උනාට වෙච්ච විදියටම ඔක්කොම කියන්නම්.

උදෙන්ම නැගිට්ටේ පුරුදු විදියට වයිෆ්ව වැඩට ගිහින් ඇරලවන්න. ලැහැස්ති වෙලා බයික් එකට නැග්ගටත් පස්සෙයි දැක්කෙ ඉස්සරහ රෝදෙ හුලන් බැහැල කියලා. අපේ එක්කෙනත් කොහොමත් වැඩට යන්න ලෑස්ති වෙන්නෙ අන්තිම තත්පරේ හින්ද මොකද කරන්නෙ කියල හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ. වෙන දෙයක් වෙන්න කියල යන්න පටන් ගත්ත හුලන් නැතුවම. ඒත් වැඩි දුරක් යන්න බැරි වුනා. තිබුන හුලන් ටිකත් ගියාට පස්සෙ කොහොමටවත්ම ඉස්සරහට යන්න විදියක් නැතුව නැවතුනා. දැන් ඉතින් මොකද කරන්නෙ....... වෙලා තියන දේ ඇස් දෙකටම පේන්න තිබුනත් අපේ එක්කෙනටත් තේරුම් කරන්න පුලුවන්කෙනෙක් නෙමෙයිනෙ. පාරෙ යන ත්‍රීවීල් එකක හරි යවනවා කියල හිතාගෙන ටිකක් ඉස්සරහට ගියා. වෙලාවට කඩයක් ගාව ත්‍රීවීල් එකක් නවත්තල තිබුනා. මිනිහට කතා කරල බලුවා ඒත් මගෙ තියෙන්නෙ මේ ලෝකෙ කාටවත්ම නැති වෙලාවක් හින්දාද කොහෙද මිනිහට ඉස්කූල් හයර් එකක් යන්න තියනවලු. දන් ඉතින් මොනව කරන්නද...... හුලන් ටිකක් ගහ ගන්න තැනක් නැද්ද කියල ඇහුව මිනිහගෙන්ම. දහ අතේ කල්පනා කරල මෙන්න කියපි මේ හරියෙනම් තැනක් නෑ මල්ලි කියල. දෑන් ඉතින් මොන දෙයියන්ට කියන්නද කියල කල්පනා කර කර ඉද්දි මිනිහටත් මන් ගෑන දුක හිතිලද කොහෙද කිව්ව ඉස්සරහ අතුරු පාරෙ යද්දි පොඩි ගරේජ් එකක් තියනවා, එතෙන්ට ගියොත් මොනවහරි කර ගත්තහැකි කියලා. මටත් ඉතින් වෙන කරන්න දෙයක් නෑති නිසා වයිෆ්ව එතන තියලා ගියා ගැරේජ් එක හොයාගෙන. බොහොම අමාරුවෙන් ගැරේජ් එකට ආවයි කියමුකො. ඒත් මේ උදේ පාන්දර මොන ලෝකෙද ගැරේජ් අරින්නෙ. ඊටත් ටින්කර් වැඩ කරන තැනක්.
බයික් එක ගැරේජ් එක ඉස්සරහ නවත්තල ගියා පිටිපස්ස පැත්තට. කවුරුවත් පේන්න හිටියෙ නෑ. ටිකක් වටේ කැරකි කැරකි ඉන්නකොට බයික් එකක් ආව ඉස්කෝලෙයන ළමයෙකුත් එක්කගෙන. මම හිතුවෙ ගැරෙජ් එකේ බාසුන්නැහැ කියල. එහෙම හිතල ඇහුව බයිසිකලේ හුලන් බැහැල, හුලන් ටිකක් ගහ ගන්න විදියක් නැද්ද කියල. බැලින්නම් මිනිහ බාසුන්නැහැගෙ මල්ලි. පුතාව ඉස්කෝලෙට එක්ක යන ගමන් ගැරෙජ් එකට ඇවිත් තියෙන්නෙ. මම විස්තරේ කිව්වහම මිනිහ යන්න ආව ගමනත් නවත්තල මට උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ වුනාට ගැරෙජ් එකේබ්යික් වලට හුලන් ගහන්න එකක් නැහැ. ඒත් මිනිහගෙ තියන මනුස්ස කමට සෑහෙන වෙලාවක් දගලලා ටයර් එක හදා ගන්න තැනකට යනකල් හුලන් ටිකක් ගහල දුන්නා. මට ඒක වෙලාවෙ හැටියට කියන්න බැරි තරම් ලොකු උදව්වක්.දන් මට ඊට වඩා ලොකු ප්‍රස්නයක්..... මොකද කරපු උදව්වට සල්ලි දෙනවද එහෙමත් නැත්නම් නිකන්ම ස්තූති කරල යනවද කියලා. කීයටවත් සල්ලි දීල යන්නනම් අහන්න හිතුනෙම නෑ මට. මොකද මිනිහ මට උදව් කලේ සල්ලි ගන්න බලාගෙන නෙමෙයි මනුස්සකමටයි කියල හොදටම තේරුනා. ඊටත් හුලන් ටිකක් ගහල දීල කීයක් ගන්නද? කියක් කියල දෙන්නද? වෙලාවෙ හැටියට මට මිනිහ කලේ සල්ලි වලින් මනින්න පුලුවන් විදිහේ උදව්වක් නෙමෙයි. ඉතින් මම මිනිහට ගොඩාක් ස්තූති කරල එතනින් පිටත් වුනා. කොහොමින් කොහොම හරි වයිෆ්ව ගිහින් ඇරලුවා ටිකක් ප්‍රමාදවෙලා හරි. ඊට පස්සෙ පාර දෙපැත්ත බල බලා අවා පැච් එක දාගන්න තැනක් හොයාගන්න. උදේ පාන්දර හින්ද තාම ටයර් කඩ ඇරල නෑ.... බෝකුන්දර හන්දියෙ තියන ටයර් කඩේ අරින්න ලැහැස්තිවෙනවා මගෙ වෙලාවෙ හොදකමටම. ඉතින් උදෙන්ම ටයර් කඩේ වැඩ පටන් ගත්තෙ මගෙ බයිසිකලෙන්........ දවසම මිනිහට හොද වෙන්න ඇති ඊට පස්සෙ මම හිතන්නෙ. ඔන්න දැන් තමයි මේ කතාව ලියන්න හේතු වුන සිද්ධියත් වෙන්නෙ. මගෙ බයිසිකලේ ටයර් එක හද හදා ඉන්නකොට ඔෆිස් යන ගමන්ද කොහෙද මහ හදිස්සි කාරයෙක් ආවා හුලන් ගහගන්න. ආපු ගමන්ම සද්දයක් දාලම කිව්වා "මල්ලි ටක් ගාල හුලන් ටිකක් ගහනවා... හොදටම පරක්කුයි" කියලා. මගෙ වැඩේ කර කර හිටපු ටයර් කඩේ මිනිහට ඒ කතාව ඇල්ලුවෙ නෙති බව තේරුනා බලපු විදියෙන්ම. මිනිහ සද්ද නැතුව පැච් එක දානවා. දැන් අර බයික් එකේ ආව එකාටත් හොදටම තදවෙලා. මිනිහත් බලන් ඉන්නවා. මට තේරුනා මගෙ වැඩේ ඉවර වෙනකල් මූට හුලන් ගහල දෙන්නෙ නෑ මොකද මිනිහ කතා කරපු විදිය ඇල්ලුවෙ නැති නිසා කියලා. ඔහොම විනාඩි 2-3 ක් ගියා. මෙන්න එක පාරටම හුලන් ගහන්න ආපු මිනිහ බනින්න ගත්ත කඩේ එකාට.
"තමුසෙ හිතුවද මම නිකන් හුලන් ගහගන්න ආව කියල.... සල්ලි දීලයි හුලන් ගහන්නෙ.......තමුසෙට වගේ අපිට ලතවෙන්න බෑ වැඩ තියනවා.... ඔය වගේ ලොකු ලොකු ටොක්ස් ගොඩයි. මොනව උනත් ටයර් හදන මිනිහත් කරන්නෙ රස්සාවක්නෙ.... මිනිහට මිනිහගෙ රස්සාව ලොකුයි. ඉදල ඉදලා මිනිහ දුන්න නියම උත්තරේ. "මහත්තය මම මහත්තයගෙ බයිසිකලේට හුලන් ගහන්නෙ නෑ..... මහත්තයට ඕන තැනකින් ගහගන්න." හුලන් ගහ ගන්න ආපු මිනිහට කට උත්තර නෑ. මොනව කරන්නද? සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන් කියල හිතන් ඉන්න මිනිස්සුන්ට හොද වැඩේ කියල මට හිතුනා.

2 comments:

  1. අනේ අර ටයර් කඩේ මනුස්සයගෙ කටට රුපියල් දෙදාහෙ කාසියක් වත් දාන්නයි තිබ්බෙ අයියට...ලංකාවෙ තමයි ඔය රස්සාව අනුව මිනිස්සු ලොකු පොඩි කරල කතා කිරිල්ල වැඩිපුරම තියෙන්නෙ...ඒත් මොන රස්සාව කළත් ඒක සාධාරණව කරන රැකියාවක් නම්..හැම මනුස්සයටම සමාන අයිතියක් තියෙනවා ගෞරවයෙන් ආමන්ත්‍රණයක් ලබන්න...හොඳ වැඩේ අර මනුස්සයට...

    අයියෝ...word verification අයින් කරන්නකෝ....නැත්තම් කමෙන්ට් කරද්දි පණ යනවා...

    ReplyDelete
  2. @මකුළු පැ0චි: හරි word verification අයින් කරන්න ට්‍රයි කරල බලන්නම්. කොහොමද කරන්නෙ කියල හරියටම දන්නෙ නෑ මම. තව දෙයක් තියනව අහගන්න. පුලුවන්නම් තරහ නැතුව කියනවද යුනිකෝඩ් ට්‍රන්ස්ලේටර් එකෙන් බින්දුව ටයිප් කරන්නෙ කොහොමද කියලා. නැත්නම් ඔයාගෙ නම ලියන්න වෙන්නෙත් 0 දාල තමයි....... :)

    ReplyDelete