Pages

Sunday, December 4, 2011

අපිට මොනවද අඩුපාඩු ...........

කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබගෙන් "ඔබට මොනවද ජීවිතේ තව ලබාගන්න හෝ ඉටුකරන්න තිබෙන දේවල්?" කියලා ඔබ කුමක් කියයිද.................. පොඩ්ඩක් හිතල බලන්න. මට හිතෙන්නෙනම් ඉවරයක් නැති ලැයිස්තුවක් ඔබේ හිතට එන්න ඇති. තාමත් ඉගෙන ගන්න කෙනෙක්නම් ඉක්මනින්ම ඉගෙනගෙන ඉවර වෙලා හොද රස්සවක් හොයා ගන්න, ඊට පස්සෙ ලස්සන වෙඩින් එකක් ගන්න, ගෙවල් හදන්න, ළමයි හදන්න, අම්මලට තාත්තලට සලකන්න ඔය වගේ ලිස්ට් එකක්ම කියාගෙන යන්න  පුලුවන් නේද?
     ඔය ඔක්කොමත් ඉවරකරගෙන ජීවිතේ මැදි වයසෙ කෙනෙක්නම් කියයි ළමයින්ට හොදින් උගන්වලා ගැලපෙන තැනකින් විවාහයක් කරල දීල පිළිවෙලක් කරල දෙන්න ඕනෙ කියලා............ තව ටිකක් වයසට ගිය කෙනෙක්ගෙන් ඇහුවත් ඔවුන්ටත් කියන්න අඩුපාඩු අවෂ්යතා ඕනතරම් තියනවා. ඕක තමයි මනුෂ්ය ස්වභාවය. ඉමක් කොනක් නැති අවෂ්යතාවයන්ගෙන් අපේ ජීවිත පිරිල. ඒත් අපි අතරෙම මේ විදියට හිතන්නෙ නැති හරිම සරල විදියට ජීවත් වෙන මිනිස්සුත් ඉන්න බව ඔයාල දන්නවද? මේක ලියන්න හිතුනෙත් අන්න ඒවගේ පිරිසක් ගැන ලිපියක් කියෙව්වට  පස්සෙ. හරියටම කියනවනම් මේ පොස්ට් එක ලියන්න හේතුවුන ලිපිය තිබුනෙ අද ලන්කාදීප පත්තරේ. පත්තරේ තිබුනු විදියට  ඒ ගමටම ඉන්නෙ මිනිස්සු හතර දෙනයි. ගමේ තියන දුෂ්කරතා නිසාම අනිත් හැමොම ගම දාල ගිහින්. ගමේ නම හරියටම කියනවනම් කලවැල්රුප්ප, පිහිටලා තියෙන්නෙ මීගහකිවුල ප්‍රදේශිය ලේඛම් කොට්ටශයේ. ගමට යන්න හරියට පාරක් නැහැ, ලයිට් වතුර ගැන ඒ මිනිස්සු හිතන්නෙවත් නෑ. බොහෝම සරල චාම් ජීවිතයක් ගත කරන්නෙ. එයාලට අවශ්ය කරන හැමදෙයක්ම එයාලගෙ වටපිටාවෙන්ම හොයාගන්නවලු. මුදල් භාවිතයක් ඇත්තේම නැති තරම්. ඒත් ඒ මිනිස්සු හරිම සතුටින් සමදානෙන් ජීවත් වෙනවා. කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවී.
      ඒත් අපි ජීවත් වෙන සමාජයේ කොහොමද? හැම දෙයක්ම තීරණය වෙන්නෙ මුදල මත. අපි අවට සිටින අය ගැන හිතුවොත් කීයෙන් කීදෙනාද දැනට තමන්ට ලැබිල තියන දෙයින් සෑහීමකට පත් වෙලා ඉන්නෙ. හැමෝටම මොකක් හෝ නොවිසදුනු, එහෙමත් නැත්නම් අඩුපාඩුවක් තියනවා. කවදහරි දවසක දැනට තියන ඒ අඩුපාඩුව සම්පූර්ණ කරගත්ත දවසට තවත් දහසක් අඩුපාඩු අවශ්යතා වලින් අපේ ජීවිත පුරව ගන්නව නේද අපි? මට හිතෙන හැටියට නම් කවදාවත්ම අපිට අපෙ හිත සම්පූර්ණයෙන්ම සතුටු කරන්න බෑ. කොයිතරම් අමාරු වුනත් ලද දෙයින් සතුටු වෙන්න පුලුවන්නම් අපේ ජීවිත මීට වඩා ගොඩක්ම ලස්සන වෙනවා කියලයි මම හිතන්නෙ. ටිකක් හිතල බලන්න අපිට නොලැබුන දේවල් ගැන දුක් වෙන්න ගිහින් අපි අපිට ලැබුනු දේ ගැන සතුටු වෙන්න තිබුනු අවස්ථා කීයක් අපිම නැතිකරගෙන තියනවද කියල. පොඩිම උදාහරණයක් කියන්නම්. මම දන්න යලුවෙකුගෙ පුතා 5 ශිශ්සත්ව විභාගෙන් තරමක් හොදින් පාස් වුනා. ඒත් පොඩි එකා ගත්ත ලකුණු ප්‍රමානය අම්මට ඒ කියන්නෙ යාලුවගෙ වයිෆ්ට හොදටම මදි. ඉතින් දවස් ගානක් යනකල් ගෙදර එක යුද්ධයයි. පොඩි එකාටයි, තාත්තටයි ඔක්කොටම අම්මගෙන් ආඩපාලි. ඒත් ඉස්කෝල වලට කට් ඔෆ් මාක් ආපුවහම කොල්ලට බලාපොරොත්තු වුන ඉස්කෝලෙට යන්න ලකුණු ඇති. ඉතින් ටිකක් හිතල බලන්න අම්ම ටිකක් ඉවසීමෙන් ලැබුනු දෙයින් සතුටු වෙලා හිටියනම් එ පොඩි එකාට මොන තරම් සතුටින් ඒ ටික කාලෙ ඉන්න තිබුනද? තවත් පැත්තකින් බැලුවොත් විභාගය අසමත් වෙච්ච ළමයි කීදාහක් ඉන්නවද?  හැමෝටම හැමවෙලාවෙම හැමදෙයක්ම ලැබෙන්නෙ නෑ. එකට උත්සාහය වගේම වාසනාවත් තියෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. අපි මොන තරම් උත්සාහවන්ත වුනත් අපිට ඒ දේවල් ලබා ගන්න වාසනවක් නැත්නම් ඒ වගේම අපි කොයිතරම් වාසනාවන්ත වුනත් අපි ගාව උත්සාහය නැත්නම් අපිට කිසිම දෙයක් ලබාගන්න එක ලේසි වැඩක් නෙමෙයි.
ආයිමත් මුලට ගියොත් මම අර මුලින් කිව්ව ගමේ මිනිස්සුත් ජීවත් වෙනවා අපි වගේම.සමහරවිට අපිටත් වඩා සතුටින් සමාදානයෙන්! ඉතින් අපිට තියන අඩුපාඩු ගැන කතා කර කර ඉන්නෙ නැතුව අපිට ලැබිල තියන දෙයින් අපි ජීවත්වෙන සමාජයට උපරිම සේවයක් වෙන විදියට අපේ ජිවිත ගත කරන්න පුලුවන්නම් සමාජය වගේම අපේ ජීවිතත් දැනට වඩා ගොඩාක් ලස්සන වේවි. මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වේවි. ඉතින් හෙට උපදින්න ඉන්න අපේ දරු පැටවුන්ට ලස්සන ලෝකයක් හදන්න තියන අඩුපාඩු ගැන නොහිතා පුලුවන් හැමදෙයක්ම කරමු.

4 comments:

  1. අනේ මන්දා මගේ බ්‍රවුසර් එකේ වරදක්ද කියලා...මට නම් මේකේ ලියල තියෙන ඒවා පේන්නෙ නෑ නේ අයියණ්ඩී..කොමෙන්ටුවක් දාලා ඒකත් නොපෙනුනාම තමා නිකමට වගේ ctrl+A දීලා හයිලයිට් කරලා බැලුවෙ... :O Are we supposed to find it like that..???

    ReplyDelete
  2. අමාරුවෙන් හයිලයිට් කරගෙන කියවන්න වුණත්..වටින ලිපියක් අයියණ්ඩී...මිනිස්සු මහ පුදුම සත්ව කොට්ඨාශයක්..ලැබෙන්න ලැබෙන්න මදි කියල මිසක් ඇති කියල නොහිතන අමුතුම ජීවීන් පිරිසක්..ගොඩක් මිනිස්සු උපන් දා ඉඳලම මැරෙනකල් වුනත් කවදාවත් එයාලගෙ ජීවිතේ සෑහීමකට පත් වුණු දවසක් නැතුව ඇති....හ්ම්ම්ම්....

    ReplyDelete
  3. @මකුළු පැ0චි:ගොඩාක් ස්තූතියි බලල කොමෙන්ට් කලාට. මගෙ මැෂින් එකෙන් නම් අවුලක් නැතුව පේනවා. වෙන එකකින් ඕපන් කරල බලන්නම් අවුලක් තියනවද කියලා.

    ReplyDelete