Pages

Thursday, January 17, 2013

අනේ අපි එකත් ගමුකෝ ..................

මේක දැකපුවහම සමහරවිට හිතෙන්න පුළුවන් මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි හිතන්නේනැති උනාට අපි හැමෝටම ගොඩක් තදින්ම බලපාන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. විවාහක කෙනෙක් නම් ගැහැණු පාර්ශවයට වඩා මේ පිලිබදව සැලකිලිමත් වෙන්න ඕනෙ පිරිමියා, ඒ කියන්නේ ස්වාමියා. මොකද මේ විදියේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ කාන්තා පාර්ශවයෙන් එහෙමත් නැත්නම් තමන්ගේ බිරිදගෙන් නිසයි ඒ.  ඇත්තටම අද කතා කරන්න හිතුවේ සාප්පු සවාරි යාම පිලිබදව. සාප්පු සවාරි කියල කිව්වට   සතියකට සැරයක් ගෙදරට අවශ්‍ය  පාරිභෝගික භාණ්ඩ  ගන්න පොලට එහෙමත් නැත්නම් සුපිරි වෙළද සැලට යන ගමනටත්  මේක බොහොම අදාලයි.

මේ ගැන කතා කරන්න හිතුනේ මම ලබපු අත්දැකීම් වගේම අහන්න දකින්න ලැබෙන දේවලුත් එක්කයි. පොඩ්ඩක් හිතල බලන්න අද අපි කඩේකට ගිහින් ගන්නේ අපිට අවශ්‍යම දේවල්ද කියල. බොහොම පිරිසක් තමන්ට මිලදී ගන්න අවශ්‍ය කරන දේවල් තීරණය කරන්නෙ සති පොලේදී එහෙමත් නැත්නම් සුපිරි වෙළද සැලේදී. මෙතැනදී ගොඩක් දෙනෙකුට අමතක වෙන දේ තමයි තමන්ට  ඇත්තටම අවශ්‍ය මොනවද, තමන් වෙළද සලට අවේ කුමක් මිළදී ගන්නද කියන එක. මෙහෙම වුනහම ගොඩක් වෙලාවට  වෙන්නෙ වෙළද ප්‍රචාරණයේ ගොදුරක් බවට අපිටත් නොදැනීම අපි පත් වෙන එකයි. ඒ කියන්නෙ අපේ ඇස යන විදියට ලස්සනට අසුරලා තියන එහෙමත් නැත්නම් නිතරම රුපවහිනී තිරයමත දිග හැරෙන වෙළද නාමයකට අයත් භාණ්ඩ තොර ගැනීමට පෙළබිමයි.  මෙයින් මිදීමත් ඉතාම පහසුවෙන් කල හැකි දෙයක් කියලයි මම නම් හිතන්නෙ. ඒ කියන්නේ සුපිරි වෙළද සැලට හරි එහෙමත් නැත්නම් සති පොලට හරි පිටත් වෙන්න කලින් අදට එහෙමත් නැත්නම් නිශ්චිත කාලසීමාවකට (දවස්  දෙකකට , තුනකට හෝ සතියකට) තමන්ට අවශ්‍ය මොනවද කියල භාණ්ඩ ලැයිස්තුවක් පිළියෙළ කරගන්න. එහෙම ලැයිස්තුවක් පිළියෙළ කලාටම අපිට අනවශ්‍ය දේවල් මිලදී ගැනීමෙන් වලකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ සදහා හොද විනයකින් සහ පාලනයකින් යුතුව කටයුතු කරන්නත් පුරුදු වෙන්න ඕනෙ වෙනවා. ඒ කියන්නේ තමුන්ගේ අවශ්‍යතාවයට අනුව ලැයිස්තු සකස් කරගෙන ගිහින් වෙළද සැලේ තියන තරම් බඩු අරගෙන එනවනම් අපි හදපු ලැයිස්තු වලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. එක නිසා අපි බඩු තෝරා ගන්න විට අපේ ලැයිස්තුවට අදාල දේවල් විතරක්ම ගන්න අපි වගබලා ගන්න ඕනෙ. විවාහක අයෙක්නම් මේක ටිකක් අමාරු දෙයක් කියල හිතෙයි. මොකද කලින් ලැයිස්තු හදාගෙන ගියාට තමන්ගේ බිරිදට එහෙමත් නැත්නම් පෙම්වතියට  අවශ්‍ය දෙයක් හරි ආස දෙයක් හරි දැක්කොත් හෝ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම එක අරගෙන දෙන්න අපි පුරුදු වෙලා ඉන්න නිසා. එකේ කිසිම වැරද්දක් නැහැ. නමුත් මෙතැනදී බිරිදට හෝ පෙම්වතියට ලොකු වගකීමක් පැවරිලා තියනවා, ඒ තමයි තමුන්ට අත්ත්‍යවශයම නැතිනම් තමන්ගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් යමක් ලබා නොගෙන ඉන්න. ඔහු කැමැත්තෙන් අරන් දුන්නත් කාරුණිකව එපා කියන්න.  පිරිමියෙකුට වියදම් පාලනය කර ගැනීමට ඉතාමත් සාර්ථක ක්‍රමයක් තමයි ගෙදර මුදල් පාලනය තමුන්ගේ බිරිදට ලබාදීම. ඇත්තටම මෙහෙම කියන්නෙ මගේම සහ හිතවත් කීප දෙනෙකුගෙන අත්දැකීම් වලින්.  ඉස්සර ඇදුම් ගන්න ඕනේ උනාම හරි එහෙමත් නැත්නම් කාටහරි present  එකක් ගන්න ඕනේ වුනාම හරි අපි දෙන්නම  ගෙදරින්    පිටත් වෙන්න කලින් කතා වෙනවා අතේ තියන ගානට හරි යන්න දෙයක් අපි ගමු, වැඩිය සල්ලි වියදම් කරන්න ඕනෙ නැහැ කියල. මම හිතන්නේ ගොඩක් පවුල් වල එහෙම තමයි. මෙතැනදී මම දන්න තරමින් වැඩියම පිරිමැසුම්දායක වෙන්නේ බිරිද. සාප්පු සවාරිය අතරමැදදී තමයි අපේ මතෘකාව  කරලියට එන්නේ. ඒ කියන්නේ බිරිද හෝ ස්වාමියා යන දෙන්නගෙන් ඕනෙම කෙනෙක්ගෙන් එහෙම වෙන්න පුළුවන්. කොච්චර එකගවෙලා ගන්න දේවල් තීරණය කරගෙන ආවත් අවසානයේදී නොයෙකුත් අනවශ්‍ය දේවල් වලින් තමන්ගේ දෑත පුරවා ගන්නවා. අන්තිමට බිල ගෙවන්න ආවහම තමයි දෙන්නටම තේරෙන්නේ තමන් මොනවද කරලා තියෙන්නේ කියල. ඉතින් ඒ වෙලාවට කිසිම කෙනෙක් ගත්තු දේවල් අපහු දාල  එන්නේ නැහැනේ. අතේ සල්ලි නැතිනම් credit  card එකෙන් හරි බිල ගෙවල දානවා. 
          ඉතින් මම මීට ඉහතදීත් කිව්වා වගේම මේ අනවශ්‍ය දේවල් මිලට ගැනීම ලේසියෙන්ම වලක්වා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ගෙදර මුදල් පාලනය බිරිද අතට දීම. ඒ කියන්නේ අපි හිතමු අපි ඇදුම් ගන්න එහෙමත් නැත්නම් යාලුවෙකුගේ මංගල උත්සවයකට තෑග්ගක් ගන්න යනවයි කියල. ඉස්සෙල්ල වගේම දෙන්නත් එක්ක කතා කරන්න මොනවගේ වටිනාකමකින් යුතු දෙයක්ද ගන්නේ කියන එක පිලිබදව. ඊට පස්සේ නිවසින් පිටත් වීමට කලින්ම එම මුදල බිරිදගේ අතට දෙන්න. නැත්නම් ඊටත් ටිකක් වැඩියෙන් දෙන්න. අඩුවෙන් වියදම් කරන්න හිතාගෙන ස්වාමියා අතේම මුදල් තියාගෙන ඉන්නවට වඩා අනිවාර්යෙන්ම එය සාර්ථක ක්‍රමයක් වේවි. ඒ මොකද කියනවනම් කාන්තාවන් ස්වභාවයෙන්ම පිරිමින්ට වඩා ලෝබයි තමුන්ගේ අතේ තියන මුදල් වියදම් කිරීමට. කාන්තාවට බිල්පතේ සදහන් වෙන මුදල ප්‍රස්නයක් නොවෙන්නෙ එය වෙනත් කෙනෙකු ඒ කියන්නේ ස්වාමියා හෝ පෙම්වතා ගෙවා දමන තාක්කල් පමණයි. කලාතුරකින් මේ ආකාරයේ නොවන කාන්තාවන්ද ඉන්න පුළුවන්. නමුත් එය ඉතාම අඩු ප්‍රමාණයක්. ඔබත් මේ විදියේ ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්න ස්වාමියෙක්නම්, මාසේ පඩි පතෙන් මාසයක් ජිවත් වෙන්න අමාරු කෙනෙක්නම් ඉහත කිව් ආකාරයට එක මාසයක් කටයුතු කර බලන්න. කිසිම දවසක ඔබට "අනේ අපි එකත් ගමුකෝ ......." යනුවෙන් අසන්න නොලැබේවි. අත්දුටුවයි.....ප්‍රත්ත්‍යක්ෂයි !!!!!!!   

1 comment:

  1. කොහොමත් දැන් අවශ්‍ය දේවල් පවා අනවශ්‍ය දේවල් කියා ලැයිස්තුගත කරලා බඩු ගන්න වෙලා තියෙන්නේ

    ReplyDelete