Pages

Tuesday, December 6, 2011

Yes, But ......

එදිනෙදා අපිට මුණගැහෙන මිනිස්සුන්ගෙන් කීයෙන් කීදෙනාද තවත් කෙනෙක් කියන දේට ඇහුන්කම් දෙන්න ලෑස්ති කියල පොඩ්ඩක් හිතල බලන්න. සමහරවිට අවන්කවම හිතුවොත් ඔබත් තව කෙනෙකුට අහුන්කම් දීමේ පුරුද්ද ගොඩක්ම අඩුවෙන් තියන කෙනෙක් වෙන්න ඇති. නමුත් තව කෙනෙක්ට අහුන්කම් දෙන්න පුලුවන්නම් අපේ ජීවිත දැනට වඩා ගොඩක් ලස්සන කරගන්න පුලුවන්. ඒ වගේම අපිට එදිනෙදා ජීවිතයෙදි මූණපාන්න වෙන ප්‍රශ්න වලින් වැඩි ප්‍රමාණයක් ඇතිවීම වළක්වා ගන්නත් අනුන්ට ඇහුන්කම් දීමේ පුරුද්ද ඇතිකරගත්තොත් පුලුවන් කියල ඔයාල විශ්වාස කරනවද?

      සමහරවිට ඔබ හිතනවා අති තවකෙනෙක් කියන දේ අහගෙන ඉන්න එක ඔයතරම්ම අමාරු වැඩක්ද කතා කරන එකනෙ අමාරුම දේ කියල. ඒත් උත්සාහ කරල බලන්න ඔයාලටම තේරෙයි කතා කරනවට වඩා අපහසු දේ අහුම්කන් දීම බව. ඇහුන්කම් දීම වගේම වැදගත් දේ තමයි තව කෙනෙක්ගේ අදහසට හෝ මතයට ගරු කිරීම. මම ඔබ අපි හැමෝම කැමතියි අපේ අදහස් තව කෙනෙක් පිළිගන්නවනම්. අපිත් එක්ක කතා කරන කෙනා කියන දේ සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් වෙන්න පුලුවන් ඒත් ඔහුට හෝ ඇයට තමන්ගෙ අදහස ප්‍රකාශ කිරීමට ඉඩදීම ගොඩක් වටිනවා. අද සමාජයේ අඩුවෙන්ම දකින්න ලැබෙන්නෙත් වැඩියෙන්ම ගැටලු ඇතිවෙන්නෙත්  මේ අනෙකාගේ අදහස් වලට ඇහුන්කම් නොදීම නිසයි කියලයි මම නම් හිතන්නෙ.  ඒ වගේම යමෙක් තමන් දරන අදහස හෝ තමන් 100% ම නිවැරදියි කියල හිතාගෙන වැඩ කිරීමෙත් අවසාන ප්‍රතිපලය  වෙන්නෙ තමන් ආශ්‍රය කරන සමාජයෙන් ඔහුව හෝ ඇයව ප්‍රතික්ශේප වීම පමණයි. හැම වෙලාවෙම අපි යමක් කියන්න හෝ කරන්න කලින් හිතුවොත් වෙනකෙනෙක් ඊට සමාන දෙයක් අපිට කිව්වොත් හරි කලොත් හරි අපේ ප්‍රතිචාරය කොහොමද මොනවගේ වෙයිද කියල ..... අපි අතින් වෙන වැරදි සහ අනුන්ගේ හිත් රිදවීම් වැඩි ප්‍රමාණයක් නවත්වා ගන්න අපිට පුලුවන්. ඒ වගේම තමයි අපිට එකගවීමට බැරි දෙයක් එහෙමත් නැත්නම් අපේ දැනීමෙ හැටියට නිවැරදි නොවෙන දෙයක් තව කෙනෙක් ප්‍රකාශ කරනවනම් ඒක එම පුද්ගලයාගේ හිත නොරිදෙන ආකාරයට පහදල දෙන්නත් පුලුවන් වෙන්න ඕනෙ. අන්න ඒ දේ කරන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්ත හැටි තමයි අද කියන්න හදන්නෙ.
   ගොඩක් කාලෙක ඉදල මේක ලියන්න හිතාගෙන හිටියත් කොතනින් පටන් ගන්නද කොහොම පටන් ගන්නද කියල අදහසක් තිබුනෙ නෑ. එත් ලගදි ඔෆිස් එකේ වුණ සිද්ධියන් නිසා අයිමත් මට මේ කතාව මතක් වුනා. අපේ ඔෆිස් එකේ ඉන්නවා මගෙ යාලුවෙක්. මිනිහත් ඉස්සර මම වගේමයි. ඒ කියන්නෙ තමුන්ගෙ මතයෙමයි ඉන්නෙ. ඊටත් තව කෙනෙක් කියන දේ නොපිලිගන්නවා වගේම ඒක බැහැර කරන්නෙත් කියපු මනුස්සයගෙ මූණට දමල ගහන්න වගේ හරිම දරුණු විදියට. හැබැයි ගොඩක් වෙලාවට මිනිහ කියන දේ හරි. ඒත් අනිත් මනුස්සයගෙ හිත නොරිදෙන විදියට තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්නෙ කොහොමද කියන එක මිනිහට පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ. ඉතින් මම මිනිහගෙයි අනිත් හැමෝගෙමයි හොදට Yes.... But තියරිය මිනිහට කියල දුන්නා.
      මුලින්ම මේකට මුල් වුන සිද්ධිය කෙටියෙන් කියන්නම්. දැනට අවුරුදු 15 කට විතර කලින්, ඒ කියන්නෙ මට අවුරුදු 10-15 විතර කාලෙ වෙච්ච දෙයක් තමයි මේ. හැබැයි එදා මම ඒකෙන් දෙයක් ඉගෙන නොගත්තට ඊට ගොඩක් කාලෙකට පස්සෙ නම් මගෙ ජීවිතේ ගොඩක් දේවල් වලදී එදා ඉගෙන ගත්ත පාඩම ප්‍රයෝජනවත් වුනා කිව්වොත් හරි.  ඉස්සර ඉදලම මම අපේ ගෙදර අනිත් අයට ඒ කියන්නෙ මගෙ සහෝදරයින්ට වඩා ගොඩක් පොත් පත්තර කියවන්න පුරුදුවෙලා හිටියා. එක නිසාම පොඩිම කාලෙදි උනත් සාමාන්ය දැනීම අතින් මම එයාලට වැඩිය ඉස්සරහින් හිටිය. නැතත් එහෙමයි කියල හිතාගෙන හිටියා. ඉතින් කවුරුහරි කෙනෙක් මොනව හරි වැරදි දෙයක් කිව්වොත් තැන නොතැන නොබල ටක් ගාල පණ්ඩිතය වගේ මම දන්න දේ කියන්නයි පුරුදු වෙලා හිටියේ. ඒ වගේම තමයි එයාල කියන කිසිදෙයක් හරියි කියල පිලිගන්නත් කැමති වුනේ නෑ මම. ඉතින් ඔහොම හැම දේටම පණ්ඩිත කතා කිය කියා ඉන්න කොට තමයි දවසක් එක අයිය කෙනෙක් මේ Yes.... But තියරිය කියල දුන්නේ. ඒ කියන්නෙ අපි කොහොමද තව කෙනෙක්ගෙ හිත නොරිදෙන විදියට යමක් කියන්නෙ කියන එක. ඉස්සෙල්ලම ඔහු හෝ ඇය කියන එක සාවධානව අහුම්කන් දෙන්න ඕනෙ. ඊට පස්සෙ ඒ පුද්ගලයාගේ අදහස අපි පිළිගත් බව හෝ අගය කරන බව (Yes) කියන්න ඕනෙ. ඊටත් පස්සෙයි අපි අපේ අදහස ඉදිරිපත් කරන්න ඔනෙ (But). තවත් සරලව කිව්වොත් දෙන්නෙක් අතර ඇතිවෙන කතාවකදි  මෙන්න මේ විදියට ඔබේ අදහස් ප්‍රකාශ කලොත්, " ඔව් ඔබ හරි... ඒත් මෙහෙම වෙන්නත් පුලුවන් ...." ඔබටම තේරෙයි මොන තරම් පහසුවෙන් ඔබේ ප්‍රතිවාදියා ඔබගෙ අදහසට නම්ම ගන්න පුලුවන්ද කියලා. ඉතින් එදිනෙදා ජීවිතයෙදි ඇතිවන මත ගැටුම් වලක්වා ගන්න ඔයාලත් Yes.... But තියරිය පාවිච්චි කරලම බලන්න.

1 comment: